Wednesday, May 23, 2012

විලම්බිත අක් බඹරු මත් කරපු මල් කැකුළු...

පුර පෝය හඳින් මුළු අහසම පිරී
ඉතිරිලා
අහස් තලය පුරා හිදිය තරුද
සැගවිලා
මුලු අහසම සඳ එලියෙන් පිරී
ඉතිරිලා
සිත් අහසම එලියෙන් අලංකෘත
වෙලා


වියලුන සිත් සමුදු සඳ දියෙන්
නැහැවිලා
අඩවන් නෙත් සිසිලැති සඳ රැසින්
පිබිදිලා
හිරු අවරින් තටු මත සිසිලසක්
ඇතිවෙලා
අක් බඹරුන් වන මල් සුවඳට
මත්වීලා


වසඟ කරපු වන මල් රොන් සුවඳ
සොයාලා
සුවදැති මඳමරු දෙන සිසිලසට
වැටීලා
අරුණ සමග රොනට වඩින ලෙසින්
රැවටිලා
බඹරු ඇදෙයි වල්මත් කල මල් කැකුළු
සොයාලා


මල් කැකුළු අතර පිබුදුන මල් හසරැලින්
සැරසිලා
සුවඳ නැතත් සඳ සිරියේ සිසිලසින්
සැරසිලා
සුලං සරේ රිද්මයේ තාලයෙන්
නටාලා
බඹරුනට අත වනයි රාගයෙන්
මත්කරාලා


වෙනදා නැති සඳ එලියක් දුටු
බඹරින්දූ
මග හමුවෙන හැම මල් වෙත නෙත් සිත්
රැන්දූ
නෙත ගැටෙනා මල් කොඳුරයි රාගෙන්
සින්දූ
යන මඟ වියරුව වෙහෙසෙයි මේ
බඹරින්දූ


තටු සලමින් මල් ඇති මග පියබා
මත්වී
සිත් ඇතුලෙන් දළුලා එන රාගින්
රත්වී
ගතට වඩා සිත් සොයනා රාගෙට
ලොල්වී
මල මත වැතිරෙයි මෘදු සුවදට
ලන්වී









5 comments:

  1. කුසුමන් පිපෙන්නේ බබරුට රොන් ගන්ටයි
    පුර හඳ නැගෙන්නේ පෙරමග පෙන්නන්ටයි
    වැහැරුණු තුඩින් කෙලෙසක මල් සිපගන්ටයි
    කවි හිත ලග පිපෙන කුසුමට දෙවිපිහිටයි

    ReplyDelete
    Replies
    1. පිපුනත් මල් පිදුමට රොන් බඹරුන්ට
      මලේ ඉඩ ඇත්තෙ සැතපෙන්න මී මැස්සන්ට
      ආවත් සවි දළ දික්කරගෙන මල වෙතට
      රොන් නැති හින්දා බොට වෙන්නේ දුක් වෙන්ට

      Delete
  2. මිදුලේ පිපුණු මල මත රොන් නැති හේමා
    කවියාගෙ හිතේ රොන් නැති මල් ඇත බෝමා
    නොසිතනු තමා සම කොට අන් අය මාමා
    බබරගේ තුඩට ගලනවා රොන් නැත සිමා

    ReplyDelete
    Replies
    1. තැන තැන ඇවිදිමින් මකරංඳ හොයනා බඹරා
      හැම මල් තුල රිංගයි මේ බඹරගේ තුඩ අමරා
      මී මැසි කෙලින් මල නහවා රොං අහුරා
      බඹරා යන්න යයි දුක සිත තුල අවුරා.....

      Delete
  3. දන්නා ලෙසට කවියා හොඳ මී මැස්සා
    මෙහෙ ඇවිදිනුත් මල් දෙක තුනකට බැස්සා
    විකසිත මල් යනකොට ඉඟ සොඟ ගස්සා
    මල නොතලා රොන් ගන්නට මූ රුස්සා

    ReplyDelete