පුර පෝය
හඳින් මුළු අහසම පිරී
|
ඉතිරිලා
|
අහස් තලය
පුරා හිදිය තරුද
|
සැගවිලා
|
මුලු අහසම
සඳ එලියෙන් පිරී
|
ඉතිරිලා
|
සිත් අහසම
ඒ එලියෙන් අලංකෘත
|
වෙලා
|
වියලුන සිත්
සමුදු සඳ දියෙන්
|
නැහැවිලා
|
අඩවන් නෙත්
සිසිලැති සඳ රැසින්
|
පිබිදිලා
|
හිරු අවරින්
තටු මත සිසිලසක්
|
ඇතිවෙලා
|
අක් බඹරුන්
වන මල් සුවඳට
|
මත්වීලා
|
වසඟ කරපු
වන මල් රොන් සුවඳ
|
සොයාලා
|
සුවදැති මඳමරු
දෙන සිසිලසට
|
වැටීලා
|
අරුණ සමග
රොනට වඩින ලෙසින්
|
රැවටිලා
|
බඹරු ඇදෙයි
වල්මත් කල මල් කැකුළු
|
සොයාලා
|
මල් කැකුළු
අතර පිබුදුන මල් හසරැලින්
|
සැරසිලා
|
සුවඳ නැතත්
සඳ සිරියේ සිසිලසින්
|
සැරසිලා
|
සුලං සරේ
රිද්මයේ තාලයෙන්
|
නටාලා
|
බඹරුනට අත
වනයි රාගයෙන්
|
මත්කරාලා
|
වෙනදා නැති
සඳ එලියක් දුටු
|
බඹරින්දූ
|
මග හමුවෙන
හැම මල් වෙත නෙත් සිත්
|
රැන්දූ
|
නෙත ගැටෙනා
මල් කොඳුරයි රාගෙන්
|
සින්දූ
|
යන මඟ
වියරුව වෙහෙසෙයි මේ
|
බඹරින්දූ
|
තටු සලමින්
මල් ඇති මග පියබා
|
මත්වී
|
සිත් ඇතුලෙන්
දළුලා එන රාගින්
|
රත්වී
|
ගතට වඩා
සිත් සොයනා රාගෙට
|
ලොල්වී
|
මල මත
වැතිරෙයි මෘදු සුවදට
|
ලන්වී
|
Wednesday, May 23, 2012
විලම්බිත අක් බඹරු මත් කරපු මල් කැකුළු...
Subscribe to:
Post Comments (Atom)
කුසුමන් පිපෙන්නේ බබරුට රොන් ගන්ටයි
ReplyDeleteපුර හඳ නැගෙන්නේ පෙරමග පෙන්නන්ටයි
වැහැරුණු තුඩින් කෙලෙසක මල් සිපගන්ටයි
කවි හිත ලග පිපෙන කුසුමට දෙවිපිහිටයි
පිපුනත් මල් පිදුමට රොන් බඹරුන්ට
Deleteමලේ ඉඩ ඇත්තෙ සැතපෙන්න මී මැස්සන්ට
ආවත් සවි දළ දික්කරගෙන මල වෙතට
රොන් නැති හින්දා බොට වෙන්නේ දුක් වෙන්ට
මිදුලේ පිපුණු මල මත රොන් නැති හේමා
ReplyDeleteකවියාගෙ හිතේ රොන් නැති මල් ඇත බෝමා
නොසිතනු තමා සම කොට අන් අය මාමා
බබරගේ තුඩට ගලනවා රොන් නැත සිමා
තැන තැන ඇවිදිමින් මකරංඳ හොයනා බඹරා
Deleteහැම මල් තුල රිංගයි මේ බඹරගේ තුඩ අමරා
මී මැසි කෙලින් මල නහවා රොං අහුරා
බඹරා යන්න යයි දුක සිත තුල අවුරා.....
දන්නා ලෙසට කවියා හොඳ මී මැස්සා
ReplyDeleteමෙහෙ ඇවිදිනුත් මල් දෙක තුනකට බැස්සා
විකසිත මල් යනකොට ඉඟ සොඟ ගස්සා
මල නොතලා රොන් ගන්නට මූ රුස්සා