Wednesday, August 1, 2012

ගලනා දිය නුඹේ සිතයි...

හෙල් වැටි මිටියාවතේ ගිරි ශිකර
වට
දිලිසෙන දිය සීරාවැති ගල් රුකුළු
වට
සොලවා අතු රිකිලි තුරු වැල්
රටාවට
සැදෑ සිත සිපගනියි හමනා සුලං
වට


හෙල් වැටි පීරා වැටි තුරු ලතා
මුල
ලැග සිට සෙවනේ සයනය හොවා
බිම
රැක සිට කඩිති රුක් මුල් රැදි ගැටිති
වල
ගලන දිය වැල පිනයි සිත් මන
දොල


තුරු පතර තුර ඇදෙන
දොළවල්
වැටි පිරි ඉතිරෙයි ගලින් වට දිය
අගල්
වැටෙන විට නිම්නයෙන් සීරා වී දිය
ඇල්
මැවේ සුලඟට ලෙලෙනා නුඹෙ
කෙහෙරැල්


වැටී පහලට දෙබෑකර හැපී ගල් වැටි
මත
හැපේ දිය රළ වැටි අගල් දිය
මත
මවේ පිනි බිදු කැලබි දිය තෙර
මත
මවයි හසරැලි සැඟව් නුඹෙ මුව මඬල
මත


සිනිදු මෘදු කර රළු බොරළු වැලි
පස
ගසා වැලි පර ගං දෙපස වැලි

ගලන නිසලව ගං දියේ
සිසිලස
මවයි මන දොල හසරැල් සිතේ
සිසිලස


ඇවිද විත් නුඹි සිත් නිසල ගං
තෙරෙට
යොමා දෙසවන තාලයට කලබන
වැලිපර
තුරුල් වී නුඹෙ සිසිලසේ
නිම්තෙරට
සවන් දෙන්නද වැයුමට නුඹේ
සිත්තෙරේ

Tuesday, July 24, 2012

ආදරෙන් පලබරද සිත නුඹේ

දිලිසෙන නෙතැති
මුව මුතු ලතාවැති
සිත හසරැලිති
මවනා දිගැතියේ....

උදා අරුණැල්ලෙ මෘදු
කෝප ඝනදුරෙන් දුරු
සුවැති සෙනෙහෙ මෘදු
පිරිලාද සිත නුඹේ.......

සිත සෙනෙහෙන් පිරි
නෙත අරුණින් පිරි
ගත රුහිරෙන් පිරි
මුතු ලතාවියේ.........

දිවා අරුණලින්
සැදෑ සිසිලසින්
රැයේ සඳුවතින්
පිරිලාද ලොව නුඹේ..

සිසිල් සුලං රැල්
මීදුම් සළුපටින්
පිරිවැරුන තරුවැලින්
හිදිනා දෙව්දුවේ......

සුලන් රැල් තාලයෙන්
තුෂිරයේ සිසිලසින්
තරු ගෙනෙන අරුණලින්
පිරිලාද විමානේ........

දිය හිසකේ රැලින්
සියුමැලි වරළතින්
අණුරාග ගී නදින්
පිරි දිය කිඳුරියේ......

උනුසුම මැදින් සිසිලස මවන
මිහිතලය වෙත සුලං සර දෙන
තාලයෙන් දිය කලබවන
රැලි පිරිලාද සයුරතේ නුඹේ....

මිහිකතේ පය තියන්
සිසිලසට දිය තියන්
සුලංසර මත් කරන්
හිදිනා තුරු ලතාවියේ....

අරුණැල්ලේ උනුසුමින්
වස්සානේ සිසිලසින්
මල්වරැති ආදරෙන්
පලබරද සිත නුඹේ............?

Saturday, July 14, 2012

සිසිලස හොවනු, ගොළුවත හෙලා...

ඈත ඉමේ නිලඹරට විත්
වැලිකතරට සිසිලස හොවා..
ගිරිහෙලේ හිම තුෂිරය
උනුසුමින් නහවලා..
සැදෑවේ උනුසුම් සයුරතට
සිසිලැල් රැලි මවාලා..
කදු අතර තුරුලිය තුලින්
හෙමි හෙමින් ඇදීලා..
මිහිකතේ තුරුලතාවිය
නුඹ ලගින් මා දැවටුනා..
නුඹ සොයා ගිරි දනව් පීරා
ගත මා විඩා බර වෙලා..
නුඹ සෙවනේ තුරුලට වෙලා
සිසිලැල් සෙවනත සොයනවා..
නුඹ සෙවනේ දැවටෙනා මුදු
ඇයිද නුඹ ගොලු වෙලා..

Wednesday, July 11, 2012

දේදුන්න...

අඳුර මැකෙද්දී අරුනළු මැකෙන
විට
මීදුම් සළුපටින් පිනිබිඳු වැටෙන
විට
ඈත දනව්වේ ක්ෂිතිජය පෙනෙන
විට
පාට මැවෙන්නේ අරුනළු වැටෙන
විට


ඈත ඉමේ සෙවන සදන වලා
පෙළින්
දෙදුනු සේල අතුරා ඇති පාට
වලින්
පියාපතුත් සරසාගෙන සිනිඳු
වතින්
සමනැල් රෑන පියබා එයි සේල
තුලින්


සිසිල අරන් ඈත ඉමේ
දේදුන්නෙන්
සුවඳ අරන් එහා ලොවේ
දේදුන්නෙන්
තාලේ තියන් ගීය වයන
දේදුන්නෙන්
සුලඟ ඇදෙයි මෙහා ඉමට
දේදුන්නෙන්

Thursday, June 28, 2012

අරුණ...

පිනිබිදු මත
රැදී
සිසිලස ඇත
රැදී
අරුණ නැගී
රැදී
අඳුරත නැත
රැදී


සලුතිර මීදුම්
වැටී
අරුණින් පන
වැටී
මල් මත පිනි
වැටී
සුවදින් සුලගට
වැටී


දිය මත මඳ මරු
රැදී
රැලි මත පෙන බිදු
රැදී
විල මත ගී හඬ
රැදී
උදෑසනම සිරි
රැදී


අරුණත රුක් මත
වැටි
දළුලා නැලැවෙන
හැටි
පිනිබිදු අතු ඉති මත
වැටි
පුදුමයි සැගවී යන
හැටි


මල් රොන් සුවදින්
මුසුවෙනා
මරු මල් පෙති මත
දැවටෙනා
මලට හොරෙන් සුවඳට
කිමිදෙනා
රොන් සුවඳින් වනයම
සනසනා


හමන සුලඟ සිසිල
නහවනා
අරුණ නෙතට
අලුදෙනා
දිය රැලිති ගීය
ගයමිනා
මිහිපිට හිමිදිරියෙන්
පිබිදෙනා


බඹර නාද දසත
ඇසෙමිනා
කුරුලු නදින් ගීත
රැව්දෙනා
මරු මියැසිකැළ මඟ
හසුරුවනා
වනන්තරේ පිරි දවස
ඇරෙබෙනා