ආදරය

ක්ෂිතිජයෙන් පාවී විත්
වලා සේලයේ දැවටී
සුලං සරේ දවටී විත්
මිහිකතේ තුරුලියට සුව දී...........

මිහිකතට සිසිලස හොවා
දිය උල්පතට මුසුවී
කිරි සයුර වෙත් පියමන් කරන
ගං තෙරට සැඩ පහර වී.................

නුඹේ සයුරේ තාලය රදන
දිය සුලියේ සිසිලස වී
කිඳුරියේ නුඹ සොයා එන්නම්
සයුරතේ දිය බිදුව වී......................!

No comments:

Post a Comment