වස්සානයේ මෘදු පියළි
දෑස් කොන තවරගෙන
දිලිසෙන මෘදු නෙතින්
හිනැහෙන කුමරියේ...........
දනිමි නුබෙ සිසිලැල් සයුර
ආදරයේ නිම්හිම් නොපෙනෙනා,,,,,,,,,
පතා ඒ
උනුසුම් සුසුම
දිගුකරමි මගෙ දෑත කුළුදුල් නුඹෙ හඳට..
සිත ඇතුලේ සඟවගෙන
සදාකල් ගී ගයන,,,,,,,,,,,,,,
නුඹේ ආදරයෙ වීණාව
වයනු මැන මා දෙසවනට...
නෙත්පියන් වැසෙන විට
හඳෙ ඇඳෙන සිහිනයහි,,,,,,,,,,,,,,,,,,,,,,,,,
සදාකල් රැදී ඉන්න
පනපොවනු මැන නුඹේ සිසිලැල් සිතින්...
සිත් සයුරතින් ඉමට
හඳවතේ ඝනදුරට………..
රිදී එලියක් විලස
වඩිනු මැන මගෙ ලොවට....
