Wednesday, April 25, 2012

මුවදොරින් විත් පිවිසෙන්න සිත් සයුරට.

                             පියබාවිත් තටු සිදෙළෙන                 තුරාවට
                             විදගන්නට නිදහස සිත් මුවදොරට         එන
                             සිඳලන්නට සිත් වෙහෙසන              පිපාසය
                             ගොඩවන්නකෝ ගලායන සිතුවිලි විමානෙට.......

                                      අහුමුළු නෑර මල් ඇත පියබන්න                 මෙහි
                                      සිහිලැල් සුවැති ඇතිරිලි ඇත සැතපෙන්න     මෙහි
                                      සිත් සනසන අමාව ඇත පානයට                 මෙහි
                                      සිත් නිදහස ඇත නිතරම රැදී ඉන්න             මෙහි


                             දුටුවාට අලංකෘත ලස්සන නිල් සිත්     සයුරේ
                             ලැබුනාට වරල් කිමිදෙන්නට සොයා       සුව
                             බැස්සාට කිමිදෙන්න නිශ්චල සිත්       සයුරේ
                             නවතින්න එපා පතුලෙහි විද සිත් මුතු    සුවය.......!



                 

No comments:

Post a Comment