නීල අහසේ නිදහසේ පාවෙන
සඳ සෙවනේ සිසිලස විදින
සිහින් හිරු උනුහුමින් අවදිවන
සිසිනිදු පිහාටුව වෙමි
කිරිල්ලියකගෙන් ගිලිහුන.....
කිරිල්ලියකගෙන් ගිලිහුන.....
සිසිලැල් සුළගින් පාවි විත්
නුබෙ සිත් සයුර දුටු සඳ
නිම්හිම් නැතිව පාවී හිදිනට
හද ඉගිකලා සිතටත් හොරෙන්
නිල් දෙනෙතට නුබෙ දගකාර
සෙනෙහසෙ පවන් රොදක්ව විත්
නුබෙ හදවතේ රිද්මයට
සවන් දෙන්නද තුරුලට වෙලා...
නමුදු,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
ක්ෂිතිජයේ කොනක හිද
මා දෙස බලා හිදින දිනකර
කොදුරා කියයි මා දෙසවනට
ඇති ගව්ව නුබෙ හදවතට
සියත් ගව්වක් දුරක සිටියත්
නුඹ දනි මහඳ නුබෙ සිත් මඩලේ වග
කුමරියේ මා පායා එන්නම් අරුනළු අරන්
සදා දෙනෙතට තුටු කදුළු දෙන.....................................!
No comments:
Post a Comment